(අජන්ත කුමාර අගලකඩ)
විදේශ ණය ගෙවීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1600ක මුදලක් රාජ්‍ය බැංකු මගින් සංවර්ධන බැඳුම්කර වලින් ලබා ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ සඳහා මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඉදිරි මාස හතරක කාලය තුළ රැස්වීම ඇති ඇමෙරිකා ඩොලර් බිලියනයක ණය ගෙවීම සඳහා මෙම මුදල සොයා ගනීමට නියමිතය.
ශ්‍රී ලංකාව විදේශ රටවලින් ණය ලබාගෙන ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර බොහෝමයක් මේ මාසයේදී කල්පිරීමට නියමිතව ඇත.
මුදල් අමාත්‍යාංශ වාර්තාවලට අනුව ගිය වසරේ මැද භාගය වනවිට ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 53ක් පමණ වන බව පැවැසේ.