
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් පස්දෙනෙකු සහ ඕමාන් සිට පැමිණි දෙදෙනෙකු කොවිඩ් - 19 ආසාදිතයින් ලෙස අද (17) හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 2900ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.
අද (17) දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයින් 6 දෙනෙක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය 2676ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට ආසාදිතයින් 213 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.


