(ජී. ඩබ්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ල වරායෙන් රට තුළට පැමිණෙන විදේශ වෙළඳ නෞකාවල සේවය කරනු ලබන නාවිකයන් නිරෝධායන කටයුතු සඳහා ගාල්ල බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධාන මධ්‍යස්ථානයක් ද විවෘත කර තිබෙන බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා පැවසීය.
දකුණු පළාතේ ප්‍රධාන වශයෙන් නව කොරෝනා ආසාදිතයන් බවට සැක කරන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහ හම්බන්තොට මහ රෝහලේ විශේෂිත වාට්ටු දෙකක් ඇති අතර ඊට අමතර ව දකුණු පළාතේ මූලික රෝහල 8ක ද තාවකාලිකව එවැනි රෝගීන් රඳවා තබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව ද ආචාර්ය විලී ගමගේ මහතා කීය.
මේ වන විට දකුණු පළාතේ නිවෙස්වල ස්වයං නිරෝධනයට ලක් කරන ලද පුද්ගලයන්1572 ක්සිටින බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා කීය.

