ආරියරත්න රණබාහු
යුද සමයේ දී සිදුවු බව කියන සිද්ධීන් පිළිබඳව විභාග කිරිමට විදේශීය විනිසුරුවන් ගෙන්වීමට රජය කටයුතු කරන්නේ නැතැයි විශේෂ ව්‍යාපෘති පිළිබඳ ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා අද (29) පැවසීය.
මෙරට අධිකරණය ස්වාධීන හා ශක්තිමත් එකක් බැවින් විදේශ විනිසුරුවන් ගෙන්වා නඩු විභාග පැවැත්වීමට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි පැවසු ඇමැතිවරයා ඒ බව පසුගියදා ජිනිවා හි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම වෙනුවෙන් ප්‍රකාශ කළ බව ඇමැතිවරයා කීය.