විදෙස්ගතව රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉකුත් වසරේ පැමිණිලි 7213 ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි
මෙම පැමිණිලි අතරින් 6577 කට විසඳුම ලබාදීමට හැකිවූ බව විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය ලංකාදීපයට පැවැසුවාය.
එම පැමිණිලිකරුවන්ට වන්දි ලෙස රුපියල් දෙකෝටියකට ආසන්න මුදලක් ලබාදිය හැකි වූ බව ද අමාත්‍යවරිය කීවාය.
බොහෝ පැමිණිලිවලදී චෝදනා නැගුණේ ඒජන්සිකරුවනට බව කී අමාත්‍යවරිය තමන් රට යැවූ ශ්‍රමිකයා පිළිබඳව සෑම ඒජන්සිකරුවෙක්ම වගකිවයුතු බවද පැවැසුවාය.
වගකීම් පැහැර හරින ඒජන්සිකරුවන්ගේ බලපත්‍ර අහෝසි කිරීම නොපමාව සිදුකරන්නැයි අදාල අංශවලට උපදෙස් දුන් බවද අතුකෝරළ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

