විදෙස් රටක ගිනි අවියක් සමඟ අයෙක් අල්ලයි


(ජේ   ඒ   එල්   ජයසිංහ සහ ෂේන් සෙනවිරත්න)

විදේශීය රටක නිපදවන ලද  බව  කියන  නවීන ගිනි අවියක් ළඟ තබාගෙන සිටි ,පුද්ගලයෙකු එම ගිනි අවියද සමග  අත් අඩංගුවට ගත්බව මැණික්හින්න පොලීසිය කියයි.

පොලීසියට ලද තොරතුරක් මත   ,සැකකරුගේ නිවස පරීක්ෂා කොට ප්‍රශ්ණ කීරීමෙන් පසු මෙම ගිනි අවිය සමග ඔහු පොලිස් අත් අඩංගුවට ගෙන  තිබේ.ත්‍රිරෝද රථ රියදුරෙක්  වන සැකකරු මැණික්හින්න පොලිස් වසමේ පදිංචි කරුවෙකු වන අතර ,එම ගිනි අවියට බලපත්‍ර නැතිබව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

මැණික්හින්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී .එම්. චන්ද්‍රපාල මහතා සිද්ධිය පිළිබඳව වැඩි දුරපරීක්ෂණ පවත්වන අතර ,සැකකරු  අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසීය කටයුතු  යොදා ඇත.

(ඡායාරූප-ෂේන් සෙනවිරත්න)