( ප්‍රසාද් මුතුකුඩ)
නීතිවිරෝධී අයුරින් විදේශ මත්පැන් බෝතල් 34ක් සහ විදේශ රටක නිෂ්පාධිත දුම්වැටි 2400 තම සන්තයේ තබාගෙන ගුවන්තොටුපළ රථගාලේ රැදිසිටි පුද්ගලයින් සිව් දෙනෙකු ලද තොරතුරු මත ගුවන්තොටුපොළ පොලීසිය (13) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට පත් සැකකරුවන් ඉන්දියානු ජාතිකයින් වන අතර මොවුන් චෙන්නායි සිට කටුනායක පැමිණි ගුවන්යානයකින් ගුවන්තොටුපළට පැමිණ විත් වෙනත් ගුවන් මගීන් යොදවා ගනිමින් තීරුබදු සංකීර්ණයෙන් විදේශ මත් පැන් බොතල් මිලදි ගෙන ඇති බවට අනාවරණයවු බවත් මෙහි වටිනාකම රුපියල් ලක්ෂ දෙක ඉක්ම වන බව පොලීසිය කියයි.
චෙන්නායි සිට මෙරටට රෙදිපිළි රැගෙන එන ව්‍යාපාරිකයින් බවට හඟවමින් පැමිණ මොවුන් සතුව තිබු විශාල ගමන් මලු තුළ තිබු රෙදිපිලි අතර විස්කි බෝතල් සහ දුම්වැටි තොගය තිබියදි සොයාගත් බව පොලීසිය පවසයි.
සැකකරුවන් මීගමුව අධිකරණයට ඉදිරි පත් කිරීමට නියමිතය.