(ටෝනි කරුණානායක)
තීරු බදු නොගෙවා ඉන්දියාවේ සිට මෙරටට විදේශීය මත්පැන් බෝතල් 8ක් සහ විදේශීය දුම්වැටි 200ක් රැගෙන විත් සන්තකයේ තබාගැනීම සහ යතුරුපැදියකින් ප්‍රවාහනය කිරීම යන චෝදනාවන්ට වැරදිකරු වූ අයකුට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය රුපියල් 25000ක දඩයක් නියම කළාය.
මත්පැන් හා දුම්වැටි තොගය රාජසන්තක කෙරුණු අතර ඒවා විනාශ කිරීමට නියම කෙරිණි.
අදාළ යතුරුපැදිය රුපියල් ලක්ෂ 2ක බැඳුම්කරයක් මත හිමිකරුට මුදාහැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය අදාළ දඩ නියම කරනු ලැබුවේ කොළඹ පදිංචි මොහොමඩ් රවුෂාන් නමැත්තාටය.

