විදෙස් කාන්තාවක් උණවටුණේ හෝටලයකදී මිය ගිහින්


(ඩී.ජි.සුගතපාල  සහ සුමතිපාල දියගහගේ)
 
උණවටුන යද්දෙහිමුල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නතරව සිටි විදේශිය කාන්තාවක් අභිරහස් ලෙස මියගොස් සිටියදි අද (05) පෙරවරුවේ සොයාගත් බව හබරාදුව පොලිසිය පවසයි.
 
මෙසේ මියගොස් ඇත්තේ 53 හැවිරිදි ස්විඩන් ජාතික කාන්තාවකි.
 
ඇය පසුගිය 29 වැනි දින සැමියා සමඟ  සංචාරයක් සඳහා පැමිණ උණවටුණේ  හෝටලයක නතරව ඇත. 
 
ඇයගේ සැමියා විසින්ම බිරිඳ මියගොස් ඇති බවට අද උදේ දැනුම්දිමෙන් පසු පොලිසිය එම ස්ථානයට ගොස් පරික්ෂණ ආරම්භ  කළ අතර ඔවුන් සිටි කාමරයේ තිබි ලේ පැල්ලම් කිහිපයක් සහ බිඳුණ බෝතල් කිහිපයක්ද සොයාගෙන ඇත.
 
කාමරයේ ගැටුමක්වි ඇති බවට සළකුණු තිබෙන බවද පොලිසිය පවසයි. ගාල්ල මහේස්ත්‍රාත්වරයා අද සවස එම හෝටලයට ගොස් මූලික පරික්ෂණ පැවැත්විමට නියමිතව තිබිණි.