( එච්. චන්දන )
පුත්තලම, ප්‍රදේශයේ විදුහල්පතිවරයකුට සහ ව්‍යාපාරිකයකුට නාඳුනන පිරිසක් විසින් ආයුධ වලින් පහරදී පළාගොස් ඇතැයි පොලීසිය පවසයි.
අද (19) අලුයමදී මෙම සිදුවීම් වී ඇති අතර තුවාල ලැබූ විදුහල්පතිවරයා සහ ව්‍යාපාරිකයා පුත්තලම රෝහලට ඇතුළු කර ඇතැයිද පොලීසිය සඳහන් කරයි.
පුත්තලම , සෙම්මන්දළුව කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයාට කුරුණෑගල පාර විල්ළුවවත්ත පිහිටි ඔහුගේ නිවසේ ජනේලයකින් ඇතුළු වු පුද්ගලයින් දෙදෙනකු විදුහල්පතිවරයා නිදා සිටියදී කඩුවකින් කපා තුවාල සිදු කර පලා ගොස් තිබේ.
විදුහල්පතිවරයා උකස් භාණ්ඩ මිලදී ගැනීම් සහ මුදල් පොලියට ලබා දෙන අයෙක් බවද පොලීසිය කියයි.
පුත්තලම , ආනන්ද ජාතික පාසල අසන්නයේ පිහිටි ව්‍යාපාරික ස්ථානයකට මෝටර් රියකින් පැමිණි තිදෙනකු එහි සිටි ව්‍යාපාරිකයාගේ ගෙල බැදි රන් මාලය කොල්ලකා පලා යන අවස්ථාවේදී ව්‍යාපාරිකයා ඔවුන් සමඟ පොර බැදීමේදී ව්‍යාපාරිකයාට පිහියකින් ඇන පලා ගොස් ඇති බවද පොලීසිය සඳහන් කළේය.
අද අලුයම 2.30 ට සහ 5 ට පමණ මෙම සිදුවීම් වි ඇතැයිද පොලීසිය පවසයි.
සිදුවීමට සම්බන්ධ කිසිවකුත් හඳුනාගෙන නොමැති අතර පුත්තලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



