(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටියේ පාසලක ගුරුවරයකුට එම විදුහලේ විදුහල්පතිනියගේ සැමියා විසින් පහර දුන් බවට ලැබුණු පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි කල්පිටිය පොලිසිය කියයි.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ එම විදුහලේ ප්‍රාථමික අංශයේ සේවයේ නිරත ගුරුවරයෙකි .
මෙම සිදු වීමට විරෝධතාව දක්වමින් පාසලේ සියලුම ගුරුවරුන් අද (19) දින සේවයට වාර්තා කොට නැත.

