විදුහල්පතිට ඇප


පුත්තලම ජාතික පාසලේ පරණ යකඩ පුටු රාමු හා මේස රාමු තොගයක් විකිණීයැයි සැකපිට අත්අඩංගුවට ගත් එම පාසලේ විදුහල්පති  සුමන අමරසිංහ මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත්  රසල් අබුතාහීර් මහතා අද නියෝග කළේය. ජනවාරි අට වැනි ද නඩුව යළි කැඳවන්නැයි ද මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය