විදුහල්පතිගේ බාලාංශ වැඩේට නඩු


කොට්ටාව ආනන්ද විදුහලේ පළමුවැනි වසරට සිසුවකු ඇතුළු කිරීමට මවකගෙන් ලිංගික අල්ලසක් ඉල්ලූ බව කියන විදුහල්පති ඇම්.ජී.ධර්මදාසට එරෙහිව අල්ලස් කොමිසම අද (3) කොළඹ මහාධිකරණයේ නඩු පැවරීය.

විදුහල්පති එම කාර්යය සඳහා වේරහැර හෝටලයකට ගොස් සිටියදී අත් අඩංගුවට ගත් බවත් සාක්කිකරුවන් 15 දෙනකු හා නඩු භාණ්ඩ 18 ක් ඉදිරිපත් කිරීමට නියමිත බවත් පැමිණිල්ල අධිකරණයට දැන්වීය.