විදුහල්පති රිමාන්ඩ්


නිවුන් දරුවන් දෙදෙනකු ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් 70000ක අල්ලසක් ගත් බව කියන මාලබේ පිරිමි ආදර්ශ විද්‍යාලයයේ විදුහල්පති නන්දසේන ජාසින් පතිරණ ලබන 31 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද නියෝග කෙළේය. අල්ලස් කොමිසම ඔහු අධිකරණයට ඉදිරිපත් කෙළේය.