බිඟුන් මේනක ගමගේ
කුරුණෑගල වාරියපොල පැවැති නායකත්ව පුහුණුවක් අතරතුරදී විදුහල්පතිනියක මිය යාම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටී.
අධ්‍යාපන අමාත්‍යංශය සතුව සම්පත්දායකයන් සිටියදී අදාළ පුහුණුව පෞද්ගලික ආයතනයකට බාර දුන්නේ හා ඊට විදුහල්පතිවරුන් කැඳවූයේ කවර පදනමකින් දැයි එම පරීක්ෂණයේදී සෙවිය යුතු යැයි එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතාගේ අස්සනින් යුක්තව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
2013 වසරේදී රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු පාසලේ පැවැති නායකත්ව පුහුණුවකදී ද මේ ආකාරයෙන්ම විදුහල්පතිවරයකු මිය ගියේ යැයි පවසන හෙතෙම මෙවැනි පුහුණු වැඩසටහන් මගින් සිදුවන්නේ විදුහල්පතිවරුන්ගේ ජීවිත නිකරුණේ අනතුරේ හෙලීමක් යැයි අවධාරණය කරයි.
වික්‍රමාන්විත ක්‍රියාකාරකම් සහිත පුහුණු අධ්‍යාපන පද්ධතියට අවශ්‍ය දැයි ඇගයීමක් කළ යුතු යැයි ද ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.