ගිරාඳුරුකෝට්ටේ පාසලක විදුහල්පතිවරයෙක් අද උදේ අත්අඩංගුවට ගනු ලැබීය. මාස හයකට පෙර විද්‍යාලයයේ ගුරුවරියකගේ අවුරුදු 04ක දැරියක අපයෝජනය කළ බව කියති.
විද්‍යාලයයේ ගුරුවරුන් සමග මළ ගෙදරක ගොස් එමින් සිටිය දී බස්රථයේ දී දැරිය අපයෝජනය කළ බවත්, එය යට ගැසීම සඳහා ගුරුවරිය වෙනත් පාසලකට ස්ථාන මාරු කළ බවත් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
ඒ බව ගුරුවරිය ප්‍රදේශයේ මානව හිමිකම් සංවිධානයකට පැමිණිලි කිරීමෙන් අනතුරුව එම සංවිධානය මගින් මීට දින කිහිපයකට පෙර පොලිසියට සිද්ධිය දැනුම් දී ඇත.

