(රංජන් කස්තුරි)
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් සියයට 40ක් හා එල්.එන්.ජී. වායු ගෙන්වීම හා බෙදාහැරීමේ ඒකාධිකාරිය ඇමෙරිකාවට විකිණීමට එරෙහිව ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති සංධානය සංවිධානය කළ උද්ඝෝෂණ මාලාවක් රටපුරා විදුලිබල මණ්ඩල නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කාර්යාල ඉදිරිපිට දී අද කෑම පැයේදී පැවැත්විණි.
යුගදනවි බලාගාරය විකිණීමට එරෙහිව පෙත්සමක් ද අත්සන් කෙරිණි.
රටේ මර්මස්ථාන හා රටේ සම්පත් විදේශිකයන්ට විකිනීමට එරෙහිව මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
(ඡායාරූප: ගයාන් අමරසේකර)




(ඡායාරූප: රොමේෂ් ධනුෂ්ක සිල්වා )
කොළඹ ඇතුල්කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මාවතේ පිහිටි ලංකා විදුලිය බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී කාර්යාලය ඉදිරිපිට




