
(ඩයනා උදයංගනී)
විදුලි බිඳ වැටීම හේතුවෙන් ජල සැපයුමට බාධා වූ ප්‍රදේශවල ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට විදුලිය ලැබීමෙන් පසු පැය 3 ත් 5 ත් අතර කාලයක් ගතවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
විදුලිය ලැබුණු මැණින් ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීම අසීරු බවත් එයට තවත් කාලයක් අවශ්‍ය බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
විදුලිය ඇණ හිටීම හේතුවෙන් විදුලිජනන යන්ත්‍ර නොමැති ජල පොම්පාගාරවලින් ජලය සැපයීමේදී බාධා එල්ල වී ඇති බවද ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ලංකාදීප කළ විමසුමකදී ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ ජලය සැපයීමේ කටයුතු ඇණ හිට ඇති පොම්පාගාරවලට විදුලි ජනන යන්ත්‍ර ලබාදිය හැකි නම් එසේ කිරීමට පියවර ගන්නා ලෙස තමන් ජල සම්පාදන මණ්ඩලයට උපදෙස් දුන් බවයි.

