විදුලිය බිඳවැටීම ගැන විමර්ශනය කරන කමිටුවේ වාර්තාව තව සතියකින්


(අජන්ත කුමාර අගලකඩ)

විදුලිබල පද්ධතියේ ඉකුත් 17 වැනිදා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද නව දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවේ වාර්තාව සතියකින් පමණ ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව විදුලි බල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා කැබිනට් මණ්ඩලයට අද (19) දැනුම් දී ඇතැයි වාර්තා වේ.

එදින සිදුවූ විදුලිය බිඳවැටීම යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කළ කාලයට වඩා වැඩි කාලයක් ගත වූ බවද ඇමැතිවරයා දැනුම් දී ඇත.

ඉකුත් 2016 වසරේදී දිවයිනපුරා විදුලිය බිඳවැටීමෙන් අනතුරුව වසර හතරකට පසුව මෙය සිදුව ඇති බැවින් නැවත මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට වහාම පියවර ගත යුතුව ඇති බවද ඇමැති අලහප්පෙරුම මහතා කැබිනට් මණ්ඩලයට දන්වා ඇත.