විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමේ වැඩපිළිවෙළක්



 
 
(ඩයනා උදයංගනී)

          
විදුලිබල නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වන තෙක් රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

විදුලි පහන් සාමාන්‍යයෙන් නිවා දමන වේලාවට වඩා පැයකට පෙර නිවා දැමීම, ඉදිරි මාස තුනක කාලයේදී නිවෙස්වල විදුලි පහන් දෙකක් නිවා තබන ලෙස ජනතාව දැනුම්වත් කිරීමථ රාජ්‍ය ආයතනවල, ආගමික ස්ථානවල හා වාණිජ ස්ථානවල විදුලි පරිභෝජනය සියයට 10කින් අඩුකිරීම සඳහා කටයුතු කිරීම, අනවශ්‍ය විදුලිපහන් නිවාදැමීම ආදී පියවර මේ යටතේ ගැනීමට නියමිතය.

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් අමාත්‍ය මණ්ඩලය හමුවට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ඉතා අරපිරිමැස්මෙන් විදුලිය පරිභෝජනය කිරීමෙන් සැළකිය යුතු විදුලි ප‍්‍රමාණයක් ඉතිරි කරගැනීමේ අරමුණ ඇතිව මෙම ක‍්‍රියාමාර්ගයන් ගෙන ඇත.

දැනට පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි ඉල්ලූම සපුරාලීම ගැටලූවක් වී ඇති බැවින් මෙම පියවර ගෙන තිබේ.