රංජන් කස්තුරි
මේ දිනවල විදුලිබලය ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.
පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් දෛනිකව අධික විදුලි ඉල්ලුමක් පවතින අතර ජලවිදුලි ජනන හැකියාව ද අඩුවී ඇතැයි ද එම අමාත්‍යංශය පවසයි.
වියලි කාලගුණික තතත්වය හේතුවෙන් ජල විදුලි ජනන හැකියාව 20% කින් පමණ අඩුවී තිබෙන අතර දෛනිකව විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 42.4 උපරිම තත්ත්වයකට පත්ව තිබෙන බවද එම අමාත්‍යංශය කියයි.
අනවශ්‍ය විදුලිපහන් නිවා දමා සහ හැකිතාක් අවමයෙන් විදුලිය භාවිත කිරිමෙන් රටට විදුලිය ඉතිරිවන අතර විදුලිබිල අඩුවීමක් ද සිදුවේ.

