
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා විදුලිබල ක්ෂේත්‍රයේ මේ වන විට උද්ගත වී ඇති තත්වය පිළිබඳව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සාමාජික සංගම්වල නියෝජිතයෝ අද (13) පස්වරුවේ රැස්වන බව එම සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසීය.
විදුලිබල ක්ෂේත්‍රයේ වර්තමාන තත්වය පිළිබඳව පසුගිය දිනවල මහනායක හිමිවරුන් දැනුවත් කිරීම සහ වැඩබිම්වල සාමාජිකයන් දැනුවත් කිරීම ආදි වැඩසටහන් රැසක් ක්‍රියාත්ම කළ බව කී රංජන් ජයලාල් මහතා අලුත්ම තත්වය පිළිබඳ අද සාකච්ඡා කරන බව ද සඳහන් කළේය.
කටුනායක ගුවන් තොටුපළට ඊයේ රාත්‍රී පෞද්ගලික ගුවන් යානයකින් විදේශිකයන් පිරිසක් පැමිණ ඇති බවට දැනගන්නට තිබෙන බවත් එම පිරිස කුමන කාරණයක් සඳහා පැමිණියේ ද යන්න නිලවශයෙන් විස්තර නොමැති බවත් ජයලාල් මහතා වැඩි දුරටත් පැවසීය.

