මහින්ද රාජපක්ෂ මහතා කොටි සංවිධානයට රජයේ මුදල් ලබා දුන්නාද නැද්ද යන්න ගැන විවෘත සංවාදයකට එන්නැයි තමා හිටපු ජනපතිට අභියෝග කරන බව එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්ක අපේක්ෂක විදුලිබල ඇමැති පාඨලී චම්පික රණවක මහතා බත්තරමුල්ල හෙළ උරුම පක්ෂ කාර්යාලයයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
රණවක මහතා අදහස් දක්වමින් සිටිය දී හදිසියේ විදුලිය විසන්ධි වුවත් ඇමැතිවරයා නොනවත්වා කතා කරගෙන ගියේය. විනාඩි දෙක තුනකිත් විදුලිය නැවත ආවේය.

