( එච්. චන්දන )
විදුලිබල මණ්ඩල සේවකයින් දෙදෙනකුට පහර දුන් බවට සැකකෙරෙන පුද්ගලයින් පස් දෙනකු අද (04) අත්අඩංගුවට ගත් බව නොරොච්චෝලේ පොලීසිය කියයි.
කරඹ ප්‍රදේශයේ විදුලි විසන්ධිවීමක් අළුත් වැඩියාවකට ගිය විදුලි සේවකයින් දෙදෙනකුට 03 වැනිදා රාත්‍රීයේ කිසියම් පිරිසක් පහරදී තිබේ. මේ නිසා 03 වැනිදා රාත්‍රී 8 පමණ සිට අද (04) දක්වා මුළු කල්පිටිය අර්ධදීපයම අදුරේ පැවතිණි.
මේ නිසා තම ගම්බිම්වලට විදුලිය ඉල්ලා නොරොච්චෝලේ විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය අසල කල්පිටිය - පාලවිය මාර්ගය අවහිර කරමින් ජනතාව විරෝධතාවයකද නිරත විය. දහවල් එම ප්‍රදේශයට විදුලිය ලැබුණු පසු විරෝධතාකරුවන් සිය විරෝධය අවසන් කළේය.
විදුලිබල මණ්ඩල සේවකයින්ට පහරදීමේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගණු ලැබූ පුද්ලගයින් පස් දෙනා පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.