විදුලි සේවක වර්ජනය අවසන්


අමල් වික්‍රමරත්න
 
අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී පැවති සාකච්චාවකින් අනතුරුව වැඩ වර්ජනය පෙබරවාරි 7 වැනිදා තෙක් අත්හිටවීමට තීරණය කළ බව ඒකාබද්ධ විදුලි සේවක සංගමයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා  පැවසීය.
 
අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද සවස පැවති සාකච්චාවට ජාතික සේවක සංගමය,ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ,විදුලි සේවක සංගමය,ලිපිකරු සේවා සංගමය නියෝජනය කරමින් නියෝජිත පිරිසක් සමඟ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා සමඟ සහභාගී වී ඇත.
 
පෙබරවාරි 7 දිනයට පෙර විසඳුමක් ලබාදීමට කටයුතු නොකළහොත් එදිනට කොළඹට රැස්වෙන විදුලි සේවකයින් පසුදා සිට නැවත අඛණ්ඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවද ජයලාල් මහතා පැවසීය.