විදුලි සංදේශ නියාමන කොමිසමෙන් අනතුරු ඇඟවීමක්


(බිඟුන් මේනක ගමගේ) 

සාමාන්‍ය ජනතාව අතර අනවශ්‍ය භීතිකාවක් ඇති කිරීම සඳහා කොරෝනා වයිරසය පිළිබඳ ව්‍යාජ හෝ ගොතන ලද තොරතුරු බෙදා හැරීම හෝ බෙදාගැනීම සඳහා සියලු‍ ආකාරයේ විදුලි සංදේශ සේවා අනිසි ලෙස භාවිතා කිරීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම මහජනතාවට අවධාරණය කරයි.

නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් දුර්මත හා ව්‍යාජ පුවත් පැතිරීම පදනම් කරගෙන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම මෙම නිවේදනය කර ඇති අතර උපදෙස් නොතකා ක්‍රියා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද එම නිවේදනයේ සඳහන් වේ.