විදුලි වැටක පැටලී සේරුනුවර අයෙක් මරුට



 
 
අමදෝරු අමරජීව
 
සේරුනුවර පොලිස් වසමට අයත් කාවන්තිස්සපුර  ප්‍රදේශයේ  ගෙවත්තක අලීන්ගෙන් බෝග ආරක්ෂා කිරිමට අදින ලද අනවසර විදුලි වැටක පැටලි අද (1) පුද්ගලයකු මිය ගිය බව පොලිසිය පවසයි.


ඒ සම්බන්ධයෙන් අනවසර විදුලි රැහැන් ඇද්ද කාන්තාවක අත්අඩංගුවට ගෙන ඇත.


මෙසේ මියගියේ සේරුවිල කාවන්තිස්සපුර පදිංචි එච්.ඩි.සෝමසිරි (62) නැමැති පුද්ගලයෙකි.


මියගිය අය  උදෑසන බෝගවලට තෙල් ඉසින යන්ත්‍රය ලබාදිමට  විදුලි රැහැන අදින ලද  අල්ලපු ගෙදරට ගොස් ආපසු එද්දී මෙම අනවසර විදුලි වැටේ පැටලී විදුලිසැර වැදීමෙන් මරණය සිදුවි තිබේ.