(ඉන්දිකා රාමනායක)
පුස්සැල්ලාව මායිප්පල ප්‍රදේශයේදී එළවළු කොටුවක ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලි විදුලි සැර වැදීමෙන් පියෙකු සහ දියණියක මියගොස් ඇති බව පුස්සැල්ලාව පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ගොවි මහතෙකු වන අතර ඔහුගේ අවුරුදු 2යි මාස 8 ක වයසැති දියණිය ද සිද්ධියෙන් මියගොස් ඇත.
මරණකරු විසින් තම වගාව සතුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා මෙලෙස අනවසර විදුලි රැහැනක් ඇද ඇති අතර, ඊයේ (29) පෙරවරුවේ මොවුන් එලවලු කොටුවේ කටයුතු කරමින් සිටියදී මෙලෙස විදුලි සැර වැදී ඇති බව පොීසිය කියයි.
සිද්ධියෙන් පියා සහ දියණිය ගම්පොළ රෝහලට ඇතුළත් කිරීම අවස්ථාවේදීත් මිය ගොස් සිටි බව පොලිසිය කියයි.

