
(යොහාන් භාසුර සහ ආරියරත්න රණබාහු)
විදුලි බලය ඉල්ලුම සැපයුම මත ලාභය තීරණය වෙන දෙයක් නොව ආර්ථිකයේ මර්මස්ථානයක් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
මෙරට බලශක්ති පද්ධතිය පුළුල් වී නව ජනන අවශ්‍යතා, නව සම්ප්‍රේෂණ අවශ්‍යතා සහ නව බෙදාහැරීම් අවශ්‍යතා තුළින් විදුලි බල ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව කිසිසේත්ම බැහැර නොකරන බවත් රටේත් ජනතාවගේත් අනාගත පරපුරේ අයිතිවාසිකමක් ලෙස ආරක්ෂා කරමින් නව තාක්ෂණය සහ නව පාරිභෝගික අවශ්‍යතා සඳහා වැඩිදියුණු කරමින් ඉදිරියට යාම සඳහා ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත් ඒ මහතා කීය.

