(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුව විදුලිබිල ගෙවා නැතැයි අසත්‍ය ප්‍රකාශයක් කරමින් අපහාසයක් කළ රංජන් ජයලාල් වරප්‍රසාද කමිටුවට ගෙන්වන්නැයි විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා කථානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කළේය.
පාර්ලිමේන්තුව කෝටි හතක විදුලි බිලක් ගෙවන්නේ නැතිව පැහැර හැරී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබූ බව කී අමාත්‍යවරයා පාර්ලිමේන්තුව මෙන්ම ජනාධිපති කාර්යාලයද අඛණ්ඩව එම විදුලි බිල ගෙවා තිබෙනව අතර මෙි වන විට කිසිම හිඟ මුදලක් නැතැයි පැවසීය.
පාර්ලිමේන්තුවේ සියලු දෙනාට අගෞරවයක් වන ආකාරයට අදාළ ප්‍රකාශය කළ රන්ජන් ජයලාල් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට ගෙනැවිත් ඒ පිළිබඳව නීතියෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවද කංචන විජේසේකර මහතා කීය.

