විදුලි නඩත්තුවට ගිය සේවකයින් දෙදෙනෙකුට පිරිසක් පහර දිලා


ජුඩ් සමන්ත සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ

නඩත්තු කටයුත්තක් සදහා ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකුට පහර දුන් බව කියන කණ්ඩායමක එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නොරචෝලේ පොලීසිය කියයි.

03 වැනිදා රාත්‍රී 10.00 ට පමණ පුත්තලම - කරඹ ප්‍රදේශයේදී මෙම පහර දීම සිදුවී ඇති අතර පහර කෑමට ලක්ව ඇති විදුලි බල මණ්ඩලයේ සේවකයින් දෙදෙනා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි ෙපාලිසිය පවසයි.

කරඹ ප්‍රදේශයේ නිවසක ගින්නක් හට ගෙන ඇති බව විදුලි බල මණ්ඩලයට අයත් නොරචෝලේ - කොයියාවාඩිය ප්‍රදේශයේ පිහිටි විදුලි ඩිපෝවට තොරතුරක් ලැබී ඇත.ඒ අනුව එම ස්ථානයේ සේවය කරමින් සිටි විදුලි බල මණ්ඩලයේ සේවකයින් තිදෙනෙකු අදාල නිවසේ විදුලිය විසන්ධි කිරීම සදහා ගොස් සිටියදී ෙමම පහර දීම සිදුවී අැති බව පොලීසිය කියයි.

පහර දුන් පිරිස අතර සිටි කීප දෙනෙකු මත්පැන් පානය කර සිට ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පොලීසිය සදහන් කරයි.මෙම සිද්ධියට සම්බන්ධ තවත් කීප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව බවද ෙපාලිසිය පවසයි.

පහර කෑමට ලක්ව රෝහල් ගත කර ඇති අයවළුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

නොරචෝලේ පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.