විදුලිය අත් හිටුවීම්, හිඟ විදුලි බිල්පත් හා විදුලිය විසන්ධි කිරීම් පිළිබඳව කෙටි පණිවුඩ මඟින් දැනුම් දීම බණ්ඩාරගම විදුලි ඉංජිනේරු බල ප්‍රදේශයේ ද ආරම්භ කැර ඇත. ලංකා විදුලි බල මණ්ඩලයේ බෙදාහැරීම් අංශ 03 අතිරේක සාමාන්‍යාධිකාරී බී.පී.එන්.මෙන්ඩිස් මහත්මියගේ මඟපෙන්වීම මත තොරතුරු තාක්ෂණ ශාඛාවේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරන මෙම සේවාව ආපදා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කේ.ඒ.කරුණාසේන මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙයි.
මෙම සේවාව සඳහා පාරිභෝගිකයන්ගේ දුරකථන අංක ලංකා විදුලි බල මණ්ඩල පද්ධතියට ඇතුළත් කළ යුතුව ඇති අතර, මෙතෙක් තම දුරකථන අංක ලබා නොදුන් පාරිභෝගිකයන් තම දුරකථන අංකය, මනු කියවන නිළධාරී මහතා වෙත ලබා දෙන ලෙස හෝ, ආර්.ඊ.ජී <හිස්තැනක්> (විදුලි ගිණුම් අංකය) ලෙස සටහන් කර 1987 ට කෙටි පණිවුඩයක් යැවීම මඟින් ලියාපදිංචි වන ලෙස ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු සී.කන්දගේ මහතා ඉල්ලා සිටියේය.

