(ශිරාන් රණසිංහ)
විදුලි ඉංජිනේරුවෝ යළිත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙති.
පොරොන්දු වූ පරිදි ‘දිගුකාලීන විදුලි ජනන’ සැලැස්ම ක්‍රියාත්මක නොකළ නිසා යළි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යෑමට තීරණය වී ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් කියා සිටියේය.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ දූෂිත හා අදක්ෂ නිලධාරීන් මෙම දිග්‍රකාලීන විදුලි ජනන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ද හෙතෙම කියා සිටියේය.
මීට පෙරාතුව අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වූ අතර ජනාධිපතිවරයා මැදිහත් වී ගත් තීරණයකට අනුව මෙම සැලසුමට අනුමැතිය ලබාදීමට මහජන උපයෝගිතා කොමිසමට සිදුවිය. ඒ වනවිට වසර එකහමාරක් තිස්සේ එය පමාවෙමින් තිබිණි.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණයක් ගැනීමට ඉංජිනේරු සංගම් විධායක සභාව මෙම සතියේ රැස්වීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් කියා සිටියේය.
විදුලිබල මණ්ඩලය වසරකට රුපියල් 200ක ආදායමක් ලැබූවද පුද්ගලික බලාගාරවලින් වැඩි මිලට විදුලිය මිලදී ගැනීම, ඉන්ධන සඳහා වන වියදම් ආදිය නිසා ලංකා විදුලි බල මණ්ඩලය පාඩු ලබන ආයතනයක් වී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
2009 විදුලි පනතට අනුව මහජන උපයෝගීතා කොමිසමෙහි අනුමැතිය නොමැතිව ලංකා විදුලිබල මණ්ඩලය ගන්නා තීරණ ක්‍රියාත්මක කළ නොහැකි බැවින් වහාම එහි සිටින අදක්ෂ, දූෂිත නිලධාරීන් ඉවත් කර දිගුකාලීන විදුලි ජනන සැලසුම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයේ නිරතවීමට තීරණය වී ඇත.

