විදුලි අර්බුදය ගැන හොයන්න නිලධාරීන් කෝප් කමිටුවට කැඳවයි


රංජන් කස්තුරි
 
විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම සහ විදුලි ඒකකයක් සඳහා ගෙවන මිල සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව කරුණු විමසීමට විදුලිබල අමාතශංයේ හා ආර්ථික කටයුතු අමාත්‍යශයේ  ලේකම්වරුන් සහ විදුලිබල මණ්ඩලය හා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව යන ආයතනවල සභාපතිවරුන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවීමට නියමිත බව පාර්ලිමේන්තු ආංචි මාර්ග කියයි.
 
අමාත්‍යංශවල ලේකම්වරුන් දෙදෙනාට සහ ආයතනවල සභාපතිවරුන් දෙදෙනාට අගෝස්තු මස හත් වැනි දින පාර්ලිමේන්තු සංකීරණයේ පැවැත්වෙන කෝප් කමිටු රැස්වීමට පැමිණෙන ලෙස දැනටමත් ලිඛිත දැනුම්දීමක් කර තිබෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
 
ඒස්-ඇඹිලිපිටිය පෞද්ගලික බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම , ඒ සඳහා රුපියල් කෝටි 84ක් ගෙවීම, එම බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා නොදීම ආදී ගැටලු සම්බන්ධයෙන් මේ වන විට අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබේ.