විදුලකර එකළු කළ විරුවෝ සැමරෙති


කැලණිය විශ්ව විද්‍යාලය ආරම්භ කර 56 වසරක් සපිරීම නිමිත්තෙන් එහි ආදි විද්‍යාර්ථීන්ගේ සංසදය, උපකුලපති හා අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් අද (14) දානමය පිංකමක් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් දාන ශාලාවේදී පැවැත්විණි.

1875දී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කළ අපවත්වී වදාළ රත්මලානේ ශ්‍රී ධම්මාලෝක, රත්මලාගේ ධම්මාරාම, ලුණුපොකුණේ ධම්මානන්ද නාහිමිවරුන්, මුල්ම උපකුලපතිවූ අපවත්වී වදාළ කිරිවන්තුඩුවේ පඤ්ඤාසාර නාහිමි, පසුව උපකුලපති ධූර දැරූ යක්කඩුවේ පඤ්ඤාරාම නාහිමි හා නාත්තන්ඩියේ ප්‍රඥාකර හිමියන්ද මහාචාර්ය බඹරැන්දේ සිරි සීවලී හිමියන් ඇතුළු හිමිවරුද, මහාචාර්ය හේමචන්ද්‍ර රායි, කෞෂල්‍යාණ පණ්ඩිත, නිකලස් ආටිගල, රාහුල පඬි, දොන් දානියල් ජයතිලක සේනානායක, ගාර්දියස් ලියනාරච්චි, පෑලිස් ෆර්නැන්ඩු, විමලගුණවර්ධන මුදලි, රත්නායක පතිරණ, අමාරිස් උපාසක ඇතුළු පිරිසට පින් අනුමෝදනා කරමින් දානමය පිංකම සිදු කෙරිණි.

DSC_9747 DSC_9756 DSC_9776 DSC_9791 DSC_9809 DSC_9820

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක