සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න අද සවස ඉංගිරියේ දී විවෘත කිරීමට නියමිතව තිබූ කළුතර දිස්ත්‍රික් ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා විසින් මින් සුළු වේලාවකට පෙර විවෘතකරනු ලැබීය.
සිහිවටන පුවරුව විවෘත කළ මන්ත්‍රීවරයා පොල්තෙල් පහන ද දල්වා එතැන සිටි මාධ්‍යවේදීන්ට අදහස් දක්වා සුළු මොහොතකින් පිටව ගියේය.
‘‘දේශපාලන දත් කෝම්බ තියෙන දොස්තර මහත්වරුන්ට කියනවා තමන්ගේ ලෙඩ හොඳකරගන්න අවශ්‍යනම් හොරණට එන්න කියලා“ යැයි ද මන්ත්‍රීවරයා කිවේය.
මන්ත්‍රිවරයා විවෘත කළ පුවරුවේ ඔහුගේ නමත් හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ නමත් ඔවුන්ගේ ඡායාරූපත් සටහන්ව තිබිණි. මන්ත්‍රීවරයා සමග පැමිණි පිරිසක් ගෙන ආ පුවරුවක් ද එම ගොඩනැගිල්ල පිහිටි භූමියේ ඔවුන් විසින් සවිකරන ලදී. එහි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාගේ නම හෝ ඡායාරූප හෝ සඳහන්ව තිබුණේ නැත.

