
(කාංචන කුමාර ආරියදාස)
විද්‍යුත් ක්‍රමයට අලෙවි කිරිමට සුදානම් කර තිබූ හෙරොයින් සමඟ පුද්ගලයින් 11 දෙනෙකු අද (3) දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
දඹුල්ල, බකමූණ, නාවුල, සීගිරිය, ගලේවෙල ආදී ප්‍රදේශවලට හෙරොයින් බෙදාහැරීමට සුදානම් කර තිබුණු බවට පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 7කට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.
ජංගම දුරකථන උපයෝගී කර ගනිමින් පැය 10 ක් පුරා සිදු කරන ලද සූක්ෂම මෙහෙයුමකින් පසු දඹුල්ල පොලිසිය විසින් මෙම වැටලීම සිදුකර ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බකමූණ, දඹුල්ල, පැල්වෙහෙර , විහාර හන්දිය ආදී ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20 ත් 26 ත් අතර පසුවන්නෝ පිරිසක් වෙති.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

