පසුගිය මැයි මාසයේදි යාපනය,කයිට්ස් පුන්කුඩිතිවි ප‍්‍රදේශයේදි ශිවලෝගනාදන් විද්‍යා නමැති 18 හැවිරිදි පාසල් දැරිය නිල ඇඳුම පිටින්ම මරා දැමූ බව කියන සැකකරුවන් 9 දෙනා නැවත නොවැම්බර් 09 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසට කයිට්ස් මහේස්ත‍්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතා සඳුදා (26) නියෝග කරනු ලැබීය.
අධිකරණය වෙත ඉදිරිපත් කළ පුන්කුඩිතිව් පදිංචි තිල්ලේනාදන් චන්ද්‍රකාන්තන් (31) , මහාලිංගම් සුෂිදරන් (30), ශිවදේවන් තුෂාන්තන් (23), පි.කුගදාසන් (26), ජෙයකරන් ගෝපිතන් (26) , මහාලිංගම් සෂිකුමාර් (41), පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර් (40), පූබාලසිංහම් ජයකුමාර් (34), පූබාලසිංහම් තවකුමාර් (30) යන අය එසේ රිමාන්ඩ් කෙරිණි.



