විත්තියේ පිළිතුරු ගොනු කරන්න නියෝග


(නිමන්ති රණසිංහ)
 
ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ කටයුතු සදහා ලබාගත් බස්රථ වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට ගෙවිය යුතු රුපියල් මිලියන 142කට අධික මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලූ වග උත්තරකරුවන් පස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ විත්තියේ පිළිතුරු ලිඛිතව අධිකරණය වෙත ගොනු කරන ලෙස කොළඹ වාණීජ මහාධිකරණ විනිසුරු රත්නපි‍්‍රය ගුරුසිංහ මහතා අද (04) නියෝග කළේය.
 
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතාගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ අනුර පි‍්‍රයදර්ශන යාපා මහතාගේ නම් විත්තිකාර ලැයිස්තුවෙන් ඉවත්කර පැමිණීල්ල සංශෝධනය කරන ලෙසට විත්තිය කළ කරුණු ලිඛිතව අධිකරණයට ගොනු කරන ලෙසට එලෙස නියෝග කෙරිණී.