නීති විරෝධී අයුරින් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ගුවන් මගින් මෙරටට ආනයනය කරන ලද ඖෂධ පෙට්ටි 51 ක් කටුනායක නයිකන්ද රේගු නිවාරන කාර්යාලයේ නීලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ විටමින් වර්ගයක් ලෙස රේගුවට ප්‍රකාශ කර මෙම ඖෂධ තොගය මෙරටට ආනයනය කර ඇති බවයි. ඒ සඳහා කටුනායක ගුවන් බඩු පර්යන්තයට රුපියල් දාහතර දහස් හාරසිය අනු හයක බදු මුදලක් ද ගෙවා තිබිණි.
සුවඳ විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ අනුමැතියකින් තොරව සහ එම අධිකාරියේ ලියාපදිංචි නොවු ආනයනකරුවෙකු විසින් මේවා ගෙනවිත් තිබු අතර මේයින් බොහොමයක් ගබ්සා කිරීම සඳහා භාවිතා කරන නීති විරෝධී ඖෂධ හා මනස විකෘති කරන ආකාරයේ ඖෂධ බවයි.
මේ පිළිබඳ වැඩිදු විමර්ශණ නිවාරණ අංශයේ රේගු අධ්‍යක්ෂක කේ.ඒ.ඩී.ආර් ක්‍රිස්ටි මහතාගේ උපදෙස් මත ප්‍රධාන සහකාර නිවාරණ නිලධාරී ලලන්ත රාජපක්ෂ, සහකාර නිවාරණ නිලධාරී ඩන්කන් හෙට්ටිආරච්චි, ඩී.එම්.ජී ඩැනියෙල්, යු.ඩී.ජේ මොන්ටි, අමිල ප්‍රනාන්දු, ජේ.කේ අරඹේවෙල සහ මිලින්ද ජයසුරිය යන නිලධාරීහු සිදුකරති.












