විජිත හිමියන් ස්කෑන් පරීක්ෂණයකට


වටරැක විජිත හිමියන්ගේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවත් අභයන්තර තුවාල ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා එසේ කරන බවත් කොළඹ ජාතික රෝහල කියයි.

ඒ හිමියන් මත් ගතියෙන් සිටින බවත් කිසියම් පිරිසක් ඒ හිමියන් බොල්ගොඩ ගඟ අයිනට දමන්නට පෙර මත් කැර ඇත්දැයි සැකයක් පවතින බවත් රෝහල් පොලීසිය සඳහන් කරයි. මෙතෙක් කට උත්තරයක් ලියා ගැනීමට පොලීසියට නොහැකි වි ඇත.

විජිත හිමියන්ගේ හිසේද සුළු තුවාල ඇති බවත්  ජනනේන්ද්‍රියේ බ්ලේඩ් පහර කිහිපයක් ඇති බවත් ඒත් ඒ හිමියන්ට කිසිදු ජීවිත අවදානමක් නැති බවත් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් කියයි.