විජයදාස හෙට සාක්කි දෙයි


(තිළිණි ද සිල්වා)

මහපොළ භාරකාර අරමුදලේ  රුපියල් කෝටි 2300ක මුදලක් අවභාවිත කර ඇතැයි පවසමින් වත්මන් රජයේ ආයතන වල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ගොනු කළ පැමිණිල්ලට අදාළව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා හෙට (02)  එම කොමිෂන් සභාව හමුවේ සාක්කි ලබා දීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනු කළ එම පැමිණිල්ලට අදාළව සාක්කි ලබා දීමට පැමිණෙන ලෙස ජනාධිපති කොමිෂන් සභාව කළ දැනුම් දීමකට අනුව හෙතෙම අද කොමිසම හමුවේ පෙනී සිටින බවද එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු ලංකාදීපයට පැවසීය.

මහපොළ අරමුදල සතු රුපියල් මිලියන 23000ක  මුදලක් අවභාවිත කර ඇති බවට එම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා කළ පැමිණිල්ල පිළිබඳ විමර්ශන ආරම්භ කිරීමට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉකුත් අපේ‍්‍රල් මාසයේදී තීරණ කළ අතර ඒ අනුව මෙම සාක්කි ලබා දීම සිදු කෙරේ.