විජයදාස නිතරඟයෙන් සභාපති පුටුවට


(ගයාන් සූරියආරච්චි)

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නිතරගයෙන් මීට සුළු මොහොතකට පෙර තේරී පත්විය. 

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ සභාපති ධූරයට විජයදාස මහතා තෝරා ගනු ලැබීය.

පක්ෂයේ වැඩ බලන මහ ලේකම්වරයා ලෙස  කීර්ති උඩවත්ත මහතා තේරීපත්විය

(ඡායා-ජයමාල් චන්ද්‍රසිරි)


12.36

මෛත්‍රී ඉල්ලා අස්වෙයි:සභාපති පුටුවට විජයදාස ?

(සුජිත් හේවාජුලිගේ)


හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කෝට්ටේදී අද පැවති මෛත්‍රිපාල සිරිසේන  පාර්ශ්වයේ විධායක සභා රැස්වීමේදී   පක්ෂ සභාපති ධුරයට පත් කිරීමට තීරණය කර ඇත.