එෆ්.අස්ලම්
රාජ්‍ය අමාත්‍ය ධූරය රුපියල් කෝටි 50කට විකිණූ බව ඇතුළු චෝදනා කිහිපයක් එල්ල කරමින් හිටපු වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව යාපනයේ ප්‍රදේශ කිහිපයක පෝස්ටර් අලවා තිබේ.
විද්‍යා ඝාතකයින් බේරාගැනීමට උත්සහ කළ බවටත් අමාත්‍යධූරය කෝටි 50කට විකිණූ බවටත් එවන් තැනැත්තියකට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් කුමකටද යන්නත් චෝදනා සහගතව සඳහන් කරමින් මෙම පෝස්ටර් අලවා තිබිණි.
නාලෙයි තලෙයිමුරෙයි නැමති කණ්ඩායමක් විසින් යාපනය චාවකච්චේරි කොඩිකාමම් ඇතුළු ප්‍රදේශවල මෙම පෝස්ටර් ව්‍යාපාරය සිදුකර ඇති බවද වාර්තා වේ.
එල්.ටී.ටී.ඊ සංවිධානය යළි හිස එසවිය යුතු බවට විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් කරන ලද ප්‍රකාශයට එරෙහිව එල්ල වූ විරෝධය හමුවේ ඇය පසුගියදා රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූවාය.