විජයකලාගේ විනය පරික්ෂණ දිගටම කිරිමට අගමැතිගෙන් උපදෙස්


අංජුල මහික වීරරත්න 
 
විජයකලා මහේෂ්වරන් මහත්මිය රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වුවාද ඇයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් ආරම්භ කර ඇති විනය පරික්ෂණ අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දෙනු ලැබිය.


විනය පරික්ෂණ පවත්වන විනය මණ්ඩලය හෙට (6) දිනයේ දී ප්‍රකාශයකට පත් කිරිමටද නියමිතය.


යාපනය වීරසිංහ ශාලාවේ පැවති උත්සවයක දී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදිත් පිටතදීත් මතබේදාත්මක තත්වයක් ඇතිවිය.


අදාළ ප්‍රකාශය කිරීමට හේතු විමසීම සඳහා විජයකලා මහේෂ්වරන් මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹට කැඳවනු ලැබු අතර ඊයේ (4) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් විකමසිංහ මහතා හා විජයකලා මහේෂ්වරන් මහත්මිය අතර හමුව අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.