බිමල් ශ්‍යාමන් ජයසිංහ
හිටපු වනිතා කටයුතු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇය ඇතුළු ද්‍රවිඩ භාෂාවෙන් ප්‍රකාශ ලබාදුන් 12 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සිංහල භාෂාවට පරිවර්තනය කිරිම සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට යොමු කරන බව සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
රාජ්‍ය ඇමැතිනිය කළ ප්‍රකාශය සම්බන්ධව මේ වන විට අමාත්‍යවරුන් දෙදෙනකුගෙන් මන්ත්‍රීවරුන් පස් දෙනෙකුගෙන් දිසාපතිවරුන් තිදෙනකුගෙන් මෙන්ම රාජ්‍ය නිලධාරින්, සිවිල් පුරවැසියන් මෙන්ම මාධ්‍යවේදීන් ඇතුළු පනස් දෙනෙකුට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව පොලිස් නිලධාරීයා කීය.
ආදළ ප්‍රකාශය සම්බන්ධයෙන් සියලුම ලිපි ගොනු ලබන මස 10 වැනි දා දිනට පසු නිතිපති උපදෙස් සඳහා නිතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරිමට නියමිත බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.