ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය යාපනයේ දී කළ ප්‍රකාශයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් දිගින් දිගටම ප්‍රශ්න කරන්නට වීම නිසා පාර්ලිමේන්තුව හෙට (4) සවස දක්වා කල් තැබීමට කථානායක කරු ජයසුරිය මහතා පියවර ගත්තේය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායම ඉල්ලා සිටියේ එක්සත් ජාතික පක්ෂය මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා තුරු සති දෙකකට පාර්ලිමේන්තුව තහනම් කරන ලෙසයි.
ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා මතු කළ ප්‍රශ්නයට අකිල විරාජ් කාරියවසම් මහතා පිළිතුරු දුන්නේය.
ඉන්පසු විමල් වීරවංශ,ප්‍රසන්න රණවීර, දයාසිරි ජයසේකර මන්ත්‍රීවරු කතානායකවරයා ඉදිරියට පැමිණි උද්ඝෝෂණයේ යෙදුණහ.
ඉන්පසු පස්වරු 2.25ට හෙට (3) සවස දක්වා පාර්ලිමේන්තුව කල් තැබිණි.
28535