විජයකලාගේ ප්‍රකාශය ගැන හොයන්න කතානායකගෙන් නීතිපතිට උපදෙස්


ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ

රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය කර ඇති ප්‍රකාශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින නීතියේ යම්කිසි විධිවිධානයන් උල්ලංඝනය වී ඇතිදැයි විමර්ශනය කර අදාළ නීතිමය පියවර ගන්නා  ලෙස නීතිපතිවරයා වෙත දන්වා යැවූ බව කතානායන කාර්යාලය අද (03) නිවේදනය කළේය.

කතානායක මාධ්‍ය අංශයෙන් නිකුත් කළ එම නිවේදනය මෙසේය.

 ‘‘විජයකලා මහේශ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය මාධ්‍ය සාකච්ඡාවකදී පල කරන ලද අදහස් කිහිපයක් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර කුමක්ද යන ප්‍රශ්නය පැන නැගිණි.ඒ සමඟම නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක් විසින්  මේ පිළිබඳව පියවරක් ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් අතර එම ප්‍රකාශය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වැනි උපලේඛනයේ සඳහන් දිවුරුම උල්ලංඝනය වී ඇති බවටද අදහස් පල කරන ලදී.

ඉහත අදහස් සැලකිල්ලට ගත් කථානායක විසින් රාජ්‍ය අමාත්‍යවරියගේ අදාල ප්‍රකාශයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ පවතින නීතියේ යම්කිසි විධිවිධානයක් උල්ලංඝනය වී ඇත්ද යන්න විමර්ශනය කොට අදාල නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත දන්වා යැවීමට පියවර ගනු ලැබු බව දන්වා සිටිමු.‘‘