(නිමන්ති රණසිංහ)
එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු බවට කාන්තා සහ ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් වූ සිද්ධියේ නෛතික කටයුතු වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයකු ලෙසින් අතිරේක සොලිසටර් ජනරාල්වරයක් නිතිපතිවරයා විසින් පත්කරනු ලැබ තිබේ.
මෙම සිද්ධියට අදාළව නිතිපති උපදෙස් ලබා ගැනීම සඳහා රජයේ නීතීඥවරයෙකුගේ සහායක් ලබා දෙන්නැයි අපරාධ නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පි‍්‍රයන්ත ලියනගේ මහතා ඉකුත් (09) වැනිදා නීතිපතිවරයාට ලිපියක් යොමුකොට කරන ලද ඉල්ලීමට අනුව නීතිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.