(සුජිත් හේවාජුලිගේ)
එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගෙන ආ යුතු බවට හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය ගැන නීතිපති මතය හැකි ඉක්මනින් දෙන්නැයි කතානායක කරු ජයසූරිය මහතා නීතිපතිවරයාට ලිපියක් යවමින් අද (24) යළි සිහි කැඳවීමක් කර ඇත.
මේ පිළිබඳ නීතිමය මතය දෙන්නැයි කතානායකවරයා නීතිපතිවරයාට මුලින්ම දැනුම් දුන්නේ මීට සති කිහිපයකට ඉහතදීය.
මේ පිළිබඳ අප කළ විමසුමකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු නිලධාරියකු පැවසුවේ විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රකාශය ගැන මීළඟ පාර්ලිමේන්තු රැස්වීමට ඉදිරිපත් කිරීමට කතානායකවරයා බලාපොරොත්තුවෙන් සිටින හෙයින් මෙම සිහි කැඳවීම කළ බවයි.
මේ අතර විජයකලා මහේෂ්වරන් මහත්මියගේ මෙම ප්‍රකාශය ගැන නීතිපතිවරයා පොලිස්පතිවරයාගෙන්ද ඉකුත් දා වාර්තාක් කැඳවා තිබිණි.
විජයකලා මහත්මියගේ ප්‍රකාශය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා කතානායක වරයාටද පසුගියදා ලිපියකින් දැනුම් දුන්නේය.